මීගමුව බන්ධනාගාරයෙන් අතුරුදන්ව සිටි රැඳවියා මාස දෙකකට පසු වැලිකඩින් හමුවෙලා

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසුව මාස 02ක් පමණ තිස්සේ කිසිම තොරතුරක් නැතිව සිටි රැඳවියෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිටින බවට එම රැඳවියාගේ පවුල් ඥාතීන් තහවුරු කරගෙන තිබෙනවා.

වයස අවුරුදු 26ක් වූ තම පුතා මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි බවත්, පසුගිය ජූලි 05 සහ 06 දිනවල එම බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවත් එම රැඳවියාගේ පියා සිරකරු අයිතිවාසිකම් කමිටුව දැනුම්වත් කර තිබුණා.

මෙම රැඳවියාගේ පියා පසුගිය ජූලි 12 වැනිදා මීගමුව බන්ධනාගාරට ගිය අවස්ථාවේ මීගමුව නාම ලේඛනයේ තම පුතාගේ නම තිබූ බවත්, බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසීමේදී ඔහු මීගමුව බන්ධනාගාරයේ නොමැති බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

පසුව, සිරකරු අයිතිවාසිකම් කමිටුව හරහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ලිපියක් මගින් මේ පිළිබඳ දැනුම්වත් කර ඇති අතර එහි පිටපතක් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද යවා තිබුණා.

ඒ අනුව, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී මෙම මෙම රැඳවියා මීගමුව බන්ධනාගාරයේ සිටින බව දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත්, රැඳවියාගේ පියා මීගමුව බන්ධනාගාරයට හය වතාවක් ගොස් කළ විමසීමකදී මෙම රැඳවියා මීගමුව බන්ධනාගාරයේ නොමැති බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

මේ පිළිබඳව පෙරේදා (07) දිනයේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්නගෙන් කළ විමසීමක දී ඒ පිළිබඳ සොයා බලන බව ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (08) උදෑසන නැවත විමසීමෙන් පසුව මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ මෙම රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි.

එසේම, එම රැඳවියාගේ පවුලේ අයට ඔහුව හමුවිය හැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මීගමු බන්ධනාගාරයේ මුලින් සිටි සිරකරු පසුව මාරු කරන ලද ස්ථානය දැනුම්වත් නොකිරීම බරපතල ගැටළුවක් බව සිරකරු අයිතිවාසිකම් පිළිබඳ කමිටුව සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10