මීගමුවේ සිට අඟුණුකොළපැලැස්සට යැවූ රැඳවියෙක්ටත් ජීවිතය අහිමි වෙයි

මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව එලෙස මීගමුව බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මෙම නොසන්සුන්තාවය හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙක් ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහල‌ වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted