මිහින්තලා විහාරාධිපති හිමිගේ ප්‍රකාශය නිසා විපක්ෂ නායක රජයෙන් ඉල්ලීමක් කරයි

සති තුනක කාලයක් සැකකටයුතු ලෙස මිහින්තලේ පුදබිමේ තොරතුරු රැස් කළ හමුදා සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියා.

තමන්වහන්සේ ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක හිමියන් ඊයේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරමින් විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදු කළා.

මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ ඉදිකිරීම් ඇතුළු අළුත්වැඩියා කටයුතු සඳහා මේ දිනවල ත්‍රිවිධ හමුදාව මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ඒහි රැදී සිටිනවා.

සති තුනක පමණ සිට ඔවුන් සමග රැඳී සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු තමන් වහන්සේව ඝාතනය කිරීම සදහා පැමිණ ඇති බවට පුජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් ඊයේ අනාවරණ කළා.

මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් සිංහළ රාවය සංවිධානය ද මිහින්තලේ විහාරාධිපති හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42