spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිහින්තලා විහාරාධිපති හිමිගේ ප්‍රකාශය නිසා විපක්ෂ නායක රජයෙන් ඉල්ලීමක් කරයි

සති තුනක කාලයක් සැකකටයුතු ලෙස මිහින්තලේ පුදබිමේ තොරතුරු රැස් කළ හමුදා සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියා.

තමන්වහන්සේ ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක හිමියන් ඊයේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරමින් විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදු කළා.

මිහින්තලේ රජ මහා විහාරස්ථානයේ ඉදිකිරීම් ඇතුළු අළුත්වැඩියා කටයුතු සඳහා මේ දිනවල ත්‍රිවිධ හමුදාව මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ඒහි රැදී සිටිනවා.

සති තුනක පමණ සිට ඔවුන් සමග රැඳී සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු තමන් වහන්සේව ඝාතනය කිරීම සදහා පැමිණ ඇති බවට පුජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් ඊයේ අනාවරණ කළා.

මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් සිංහළ රාවය සංවිධානය ද මිහින්තලේ විහාරාධිපති හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?