මිලියන 43ක රත්‍රං තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (රුපියල් මිලියන 43ක්) පමණ වටිනා රත්තරන් තොගයක් සිය ගමන් මලු තුළ සඟවාගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණි මෙම ව්‍යාපාරිකයා ඊයේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු ඊයේ (18) උදෑසන 08.30ට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මලු තුනක් තුළ කිලෝ 02 ක් බරැති මෙම රත්තරන් තොගය කම්බි වශයෙන් සකස් කර එම ගමන් මලු තුළ ඔතා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

පසුව පැවති පරීක්ෂණයේදී මෙම රත්තරන් තොගය රාජසන්තක කර සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?