මිලියන 43ක රත්‍රං තොගයක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (රුපියල් මිලියන 43ක්) පමණ වටිනා රත්තරන් තොගයක් සිය ගමන් මලු තුළ සඟවාගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරටට පැමිණි මෙම ව්‍යාපාරිකයා ඊයේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මෙම පුද්ගලයා නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු ඊයේ (18) උදෑසන 08.30ට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මලු තුනක් තුළ කිලෝ 02 ක් බරැති මෙම රත්තරන් තොගය කම්බි වශයෙන් සකස් කර එම ගමන් මලු තුළ ඔතා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

පසුව පැවති පරීක්ෂණයේදී මෙම රත්තරන් තොගය රාජසන්තක කර සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16