Fly high Get bonus Aviator Phone

මිලියනය බැඟින් වන්දි ඉල්ලා මාලිමාවේ කාන්තාවන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පසුගිය 04 වනදා පොල්දූව මංසන්ධියේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ඇතුළු සාමාජික කාන්තාවන් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ලකර එම විරෝධතාව කඩාකප්පල් කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියනය බැඟින් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ජාතික ජනවලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය ඇතුළු එහි සාමාජිකාවන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම් කාරිනියන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති ඉකුත් 04 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රතිපාදන සියයට 51 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කළ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සාමකාමී ලෙස පැවති එම විරෝධතාවයට පොලිස් නිලධාරීන් විසින් කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ලකර විසුරුවා හැරීමට කටයුතු කළ බවත්, එවැනි බලයක් යෙදවීමට එම අවස්ථාවේ දී පොලිසියට කිසිඳු අවශ්‍යතාවයක් මතු නොවූ බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

එම ජල ප්‍රහාර සිදුකරන අතරතුර ඇතැම් කාන්තාවන් අමානුෂික සැලකීම්වලට භාජනය වූ බවත් එහි සඳහන් කර තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ මෙම අතනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාරිනියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.

ඊට අමතරව එක් එක් පෙත්සම්කාරියට වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාස හයක ගැබිණි බිරිඳ තනිකර යන්න ගිය සැරයන් තුසිත - ගුවන් අනතුර නිසා සිදුවූ සංවේදීම සිදුවීම
03:09
Video thumbnail
duka ඡන්දය අරගෙන මොනවද මේ කරන්නේ - ගාල්ලෙන් ඇහෙන දුක හිතෙන කතාව
06:19
Video thumbnail
ජීවිත 6 ක් අහිමි වුණු මහා ඛේදවාචකය - දේහයන් ඥාතීන්ට භාරදුන් හැටි
05:21
Video thumbnail
කොළඹ ආමර් වීදියේ ගින්න ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන් තර්ජනයක්
04:24
Video thumbnail
බෙල් 212 - මේක නම් ෆිල්ම් එකක කොටසක් වගේනෙ
02:10
Video thumbnail
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළියේදි ජනපතිත් එක්වෙයි
07:45
Video thumbnail
බිහිසුණු ගුවන් අනතුරින් දිය යට සැඟව ගිය බෙල් 212 යානය ගොඩට ගත් හැටි
02:44
Video thumbnail
අභිරහස් ගින්නෙන් කොළොම්තොට අහසම වෙලාගෙන අවසන්!
03:57
Video thumbnail
කොටහේන දැරියගේ සිද්ධියට ගේම අදින කාන්තාවෝ වැඩ අරඹයි
03:52
Video thumbnail
අකාලයේ පරවූ මල් කැකුළට යුක්තිය ඉටුවේවිද ?
00:38

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?