මිලියනය බැඟින් වන්දි ඉල්ලා මාලිමාවේ කාන්තාවන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පසුගිය 04 වනදා පොල්දූව මංසන්ධියේ දී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ඇතුළු සාමාජික කාන්තාවන් විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ජල ප්‍රහාර එල්ලකර එම විරෝධතාව කඩාකප්පල් කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් මිලියනය බැඟින් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ජාතික ජනවලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය ඇතුළු එහි සාමාජිකාවන් පස් දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු, නුගේගොඩ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම් කාරිනියන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවති ඉකුත් 04 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රතිපාදන සියයට 51 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කළ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සාමකාමී ලෙස පැවති එම විරෝධතාවයට පොලිස් නිලධාරීන් විසින් කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව ජල ප්‍රහාර එල්ලකර විසුරුවා හැරීමට කටයුතු කළ බවත්, එවැනි බලයක් යෙදවීමට එම අවස්ථාවේ දී පොලිසියට කිසිඳු අවශ්‍යතාවයක් මතු නොවූ බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

එම ජල ප්‍රහාර සිදුකරන අතරතුර ඇතැම් කාන්තාවන් අමානුෂික සැලකීම්වලට භාජනය වූ බවත් එහි සඳහන් කර තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ මෙම අතනෝමතික ක්‍රියා කලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාරිනියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.

ඊට අමතරව එක් එක් පෙත්සම්කාරියට වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18