මිරිහානේ අරගල සැමරුමක් – ආරක්ෂක සාමාජිකයන් 3000ක් සීරුවෙන්

අරගලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන – ජුබිලි කණුවේ සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ හේතුවෙන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පොලිස් නිලධාරීන් 1500ක් ඇතුළු ආරක්ෂක සාමාජිකයන් 3000 කින් සමන්විත විශේෂ බලඇණියක් කැඳවා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු යනුවෙන් විරෝධතාවයක් මෙහිදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?