මිය ගිය දැරියක් රෝහලට ඇතුළත් කර තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

සැක කටයුතු ආකාරයට තරුණයින් දෙදෙනෙකු විසින් අද (11) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

වයස අවුරුදු 15ක පමණ වන දැරියක් මෙලෙස රෝහල්ගතකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් රෝහලවෙත දැරිය භාර දී ඇති බවයි වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ.

පසුව අදාළ පුද්ගලයින් දෙදෙනා රෝහලෙන් අතුරුදහන්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

රෝහලට රැගෙන ආ දැරිය ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති අතර, වෛද්‍යවරුන් විසින් ඇයව පරීක්ෂා කිරීමේදී දැරිය මියගොස් ඇති බවටයි දැනගන්නට ලැබී ඇත්තේ.

අදාළ දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින්තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මියගිය දැරියගේ මව්පියන් මේ වනවිට ගම්පහ රෝහල වෙත පැමිණ ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අදාළ දැරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පිටව ගිය පුද්ගලයින් දෙදෙනා සහ මෝටර් රථය සම්බන්ධව රෝහලේ ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කර ඉදිරි විමර්ශන සිදුකර බවයි වාර්තා වන්නේ.

  1. KELI PATIYAWA RAPE KARALA DHA AMASHAYA GUDHA MARGAYA PAREEKSHA KARANAWA ANIWA. MUN WA ALLUWATH SAKSHI NAHE KIYALA ELIYATA DAYI. ANE ME DUPPATHUNTA, GEHENUNTA,ADARUWANTA,ASARANAYINTA WANA ASADHARANA WALATA NEETHIYEN PIHITAK NATHI DHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06