මාස 2කට පසු දිවයිනේ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි

මෙලෙස ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 578. ඔවුන් අතරින් 516 දෙනකු වාර්තා වන්නේ දිවයින අභ්‍යන්තරයෙන්. විදේශයන්හි සිට පැමිණි ශ්‍රි ලාංකිකයන් 51 සහ සංචාරකයින් එකොළහක් ද ඔවුන් අතරට අයත්. ඊයේ දිනය වනවිට කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල් 48 ක් තුල තොරතුරු වාර්තා වූයේ මෙලෙසින්. මෙම වෛද්‍ය මධ්‍යස්ථාන තුළ බරපතළ නොවන තත්ත්වයේ රෝගීන් 1665 ක් ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ.

එමෙන්ම රජයේ රෝහල් තුළ ක්‍රියාත්මක වන දැඩි සත්කාර ඒකක 23ක ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 1485. පෞද්ගලික අංශයේ දැඩි සත්කාර ඒකක 03ක් තුළ තවත් පුද්ගලයින් 134 දෙනෙකු ප්‍රතිකාර ලබනවා .මේ අනුව අද උදෑසන වන විට දිවයිනේ දැඩිසත්කාර ඒකක 26 ක් තුළ ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව1619. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් ද ඇතුළුව අද උදෑසන වන විට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන 48ක රෝගීන් 3284 ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050ක් ලෙස දැක්වෙන අතර තවදුරටත් රෝගීන් 3752 නෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව 93,668ක්. එමෙන්ම, ඊයේ නව මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගියා. සෙවනගල, ජාඇල, කැළණිය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 57ත්, 80ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක පුද්ගලයෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමඟ කුරුණෑගල – කුඹුක්ගැටේ – පොලිස් බලප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ සිට හුදෙකලා කෙරුණා.

මේ අතර, දිවුලපිටිය – අස්වැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය 15 වැනිදා පැවති අවුරුදු උත්සවයක් ආශ්‍රිතව සහ රාගම – වල්පොල ප්‍රදේශයේ පසුගිය 13 වැනිදා පැවති අවුරුදු උත්සවයක් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවය ආශ්‍රිතව පළමුව ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වුණා.

එම අවුරුදු උත්සවය සහ අම්බුළුවාවේ විනෝද චාරිකාවක් ගිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වූ බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

රාගම – වල්පොල පැවති අවුරුදු ආශ්‍රිතව මේ වනවිට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව ද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

එමෙන්ම, අයි.ඩී.එච්. රෝහලට යොමුකරන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද පසුගිය දින කිහිපයකට සාපේක්ෂව 40% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහි මේ වනවිට ආසාදිතයින් 150 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ අතර, නියමිත කොරෝනා පරීක්ෂණ සිදුකර නොපැමිණීම හේතුවෙන් පසුගිය 19 වැනිදා මෙරටින් ජපානය බලා පිටත්ව ගිය ගුවන් යානයක් යළි මෙරටට හරවා එවා තිබෙනවා.

එහි මගීන් 07 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29