Fly high Get bonus Aviator Phone

මාදු ගඟේ මෝය කට අසල දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්

බලපිටිය මාදු ගඟේ මෝය කට අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

13 හැවිරිදි මෙම සිසුවා තවත් දෙදෙනෙකු සමග අද පස්වරුවේ දිය නෑමට ගොස් සිටියදීයි අනතුරට ලක්වී ඇත්තේ.

ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කළ ද සිසුවා හමුවී නැහැ.

මෙම සිසුවා දිය නාමින් සිටින අතර ජලයේ ගිලී ගිය බව ඔහු සමග ගිය අනෙක් දෙදෙනා ප්‍රකාශකර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සිසුවා ගිලී ඇත්තේ ද ගඟේ ගැඹුරු ස්ථානයක බවයි.

ඔහු තම සොහොයුරා ද සමගින් මත්තේගොඩ ප්‍රදේශයේ සිට බලපිටියට පැමිණ ඇත්තේ තම ආච්චි සහ සීයා බැලීම සඳහා බව සඳහන්.

අතුරුදන් වූ පිරිමි ළමයා සොයා මේවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?