මහ මඟදී සිදුවූ ආරවුල නිසා කාර්මික ඉංජිනේරුවරයා, තිදරු පියෙකු නොයෙන ගමන් යවයි

සුඛෝපභෝගී මෝටර් රථයක් පැද වූ කාර්මික ඉංජිනේරුවරයෙක් යතුරුපැදිකරුවෙකු හිතාමතා අනතුරට ලක්කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පෙෂර් ඇවිනිව් හි පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්

දෙහිවල කඩවත පාර පැරකුම් මාවත හැරෙන හන්දිය අසලදී සැකකරු පැදවූ මෝටර් රථයට යට වීමෙන් මියගොස් තිබුණේ මොරටුව කටුබැද්ද පි බි අල්විස් පෙරේරා නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.

කළුබෝවිල ශීක්ෂණ රෝහල ආසන්නයේදී මියගිය පුද්ගලයා පැදවූ යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමට යාමේදී දෙදෙනා අතර මහමඟදී ආරවුලක් හටගෙන තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

අනතුරුව මියගිය යතුරු පැදිකරු තම යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය කරමින් සිටියදී මෝටර් රථයේ රියදුරු විසින් ද වේගයෙන් මෝටර් රථය ඉදිරියට ධාවනය කිරීමේදී වංගුවක් සහිත ස්ථානයකදී මෝටර් රථයේ රෝදයක හුලංගොස් ඇති අතර ඒ සමගම එහි වේගය අඩාල වීමත් සමගම රියදුරු නැවතත් මෝටර් රථය ඉතා වේගයෙන් හිතාමතා යතුරුපැදියේ පිටුපස හප්පා යතුරු පැදිකරු මෝටර් රථයට යට කර ඝාතනය කර තිබු බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාල මෝටර් රථයද මාර්ගයේ පෙරළී ඇතැයිද පොලිසිය පැවසීය.

බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා ප්‍රදේශ වාසීන් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්ව සිට තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57