මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාග වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද දෙවන දිනටත් විභාග වෙමින් තිබෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු විසින් දේශන ඉදිරිපත් කිරීම ආරම්භ කර ඇති අතර එම දේශන වලින් අනතුරුව නීතිපතිවරයා විසින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, අතුරුලියේ රතන හිමි ඇතුළු පාර්ශව හතක් විසින් පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?