මහ බැංකු අධිපති නොදන්න ආර්ථික විද්‍යාව

මුදල් අච්චු ගැසුවාට උද්ධමනය ඉහල නොයන බවට මහබැංකු අධිපතිවරයා පවසන්නේ ආර්ථික විද්‍යාවේ මූලිකම දැණුමවත් නොදන්නා අයෙකු ලෙසයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පැවසීය.

ආර්ජන්ටීනාව,සිම්බාබ්වේ ,වෙනිසියුලාව දෙසට මේ රට තල්ලු කිරීමට මහබැංකු අධිපතිවරයා කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ අන්තනෝමතික තීරණ හේතුවෙන් රටම විනාශය කරා යන බව කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 35 වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ වව්නියාව  රෝහලට පරිත්‍යාග කරනු ලැබිය.

රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා විසින් වව්නියාව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රාහුලන් මහතා වෙත මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 34ක් තුල ලක්ෂ 1016ක (රුපියල් 101,610,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46