මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුව කල් තැබීමට අධිකරණය නියම කළා.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශවලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.










