ෆ්ලයිඩුබායි ගුවන් යානයේ ඉන්දීය නියමුවාට එල්ල වූ ප්‍රහාරය පිටුපස ඉරානය සිටී නම්, ඉරානයට ඉතා දැඩි ලෙස පහර දෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබෙනවා.
ඩුබායි සිට ටෙල් අවිව් දක්වා ගමන් කළ ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ එහි ප්‍රධාන නියමුවා සහ සහායක නියමුවා අතර ගැටුමක් හටගෙන දැඩි නොසන්සුන්කාරී තත්වයකට පත්වීමෙන් දිනකට පසු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කළේ සිදුවීම සහ ඉරානය අතර සම්බන්ධයක් තිබිය හැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදුවෙමින් පැවතියද, තමාට ලැබෙන තොරතුරු මත පදනම්ව ට්‍රම්ප් ජනධිපතිවරයා මෙලෙස ඉඟිපළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
“අපි මේ මොහොතේ ඒ ගැන කටයුතු කරමින් සිටිනවා. අපි ඒ ගැන ඉතා විවෘතව කටයුතු කරනවා. මට ලැබෙන තොරතුරු අනුව පිළිතුර ‘ඔව්’ යැයි මම කියනවා, නමුත් අපි තවමත් ඒ ගැන සොයා බලමින් සිටිනවා,” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය වගකිව යුතු නම් ඇමරිකාව ඊට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ ද යන්න පිළිබඳව විමසූ විට ට්‍රම්ප් පවසා ඇත්තේ, ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දෙනු ඇති බවයි.
මේ අතර සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයට ලක්වූ යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ඉන්දීය නියමු ස්මිත් මච්චාර් වීරයෙකු ලෙස ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීමට ඉරානයේ සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිදු නිල සාක්ෂියක් ලැබී නැහැ.
මේ අතර ඊයේ (01) ෆොස්ක් නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ද මේ පිළිබඳව විමසා තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ එම සහායක නියමුවා ඉරානය හෝ වෙනත් කිසිවෙකු සමඟ සම්බන්ධ කිරීමට තවමත් නොහැකි බවයි.










