මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා නව නළ මාර්ගයක් එළීමේ කටයුතු අද (02) ආරම්භ කෙරෙනවා.
මෙම කටයුතු ආරම්භ කෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
මෙම නළ මාර්ගය කිලෝමීටර් 21ක දිගකින් යුක්ත වනවා.
මේ අතර, ඝන මීටර් 40,000ක ධාරිතාවකින් යුත් තෙල් ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමේ කටයුතු ද අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 40.84ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,548.75ක මුදලකට පිරිනැමීමට පසුගිය 21 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.












