මහ කනදරා උතුරා යයි – ඉරණමඩු ජලාශයේත් වාන් දොරටු සියල්ලම අරියි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල ඇති වැව්,ගංගා සියල්ලම පාහේ පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා.

දසත වාර්තාකරු පැවසුවේ කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයේ ද සියලු ම වාන් දොරටු විවර කර ඇති බවයි.

මේ වන විට ජලාශයේ ජල මට්ටම අඩි 36යි අඟල් 10.5ට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් සියලු දොරටු විවෘත කර අතිරික්ත ජලය මුදා හැරීමට ද කටයුතු යොදා තිබෙනවා.

එබැවින් ජලාශයේ පහළ කොටසේ වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දෙන්නේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අඛණ්ඩ ව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ කුඩා පොකුණු වන කනකාම්බිකෙයිකුලම්, වන්නෙරි පොකුණ, බිරමන්තනාරු හි ජලය ද මේ වන විට ඉරණමඩු ජලාශයට ගලා ඒම ආරම්භ වී තිබෙනවා.

මේ අතර ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මහ කනදරාව වැව වාන්දැමීම ආරම්භ වීමත් සමග වාන් දොරටු දෙක අඩියක් බැගින් විවර කර තිබෙන බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39