අපරාජිතව අවසන් සටනට යන්න ලංකාවට ලකුණු 131ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ, අවසන් පූර්ව තරගය මේ වන විට ඩුබායි හිදී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05කට ලකුණු 130ක් රැස්කර ගත්තා.

ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 131ක්.