සරම්ප රෝගය තුරන් කිරීමේ ඉලක්කයට කලක් සමීපව සිටි බංග්ලාදේශය, මේ වන විට ලොව දරුණුතම සරම්ප ව්‍යාප්තියට මුහුණ දෙමින් සිටින බව Reuters වාර්තා කරනවා.
පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා බංග්ලාදේශයෙන් සැක සහිත සහ තහවුරු කළ සරම්ප රෝගීන් 166,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඉන් රසායනාගාර පරීක්ෂණ මගින් රෝගීන් 19,835 දෙනෙකු තහවුරු කර ඇති අතර, ව්‍යාප්තියට සම්බන්ධ මරණ සංඛ්‍යාව 1000ක්.
අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ දත්ත අනුව ද මේ වන විට ලොව විශාලතම සරම්ප ව්‍යාප්තිය වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්.
2024 සහ 2025 වසරවල පැවති දේශපාලන අර්බුදය හමුවේ සාමාන්‍ය එන්නත්කරණ වැඩසටහන් බිඳවැටීම, එන්නත් හිඟය සහ ජාතික සරම්ප–රුබෙල්ලා එන්නත් වැඩසටහන් කල් දැමීම හෝ අවලංගු කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.













