මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිය සහෝදරයෙක් වෙනුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ පිහිට පතයි

රුපියල් ලක්ෂ 90ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ තමාගේ සහෝදරයෙකු වන බැවින් එම නඩු කටයුත්ත වෙනත් අධිකරණයක් වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා යවා තිබෙනවා.

අල්ලස් සිද්ධීන්වලට අදාළ නඩු කටයුතු විභාගයට ගැනීම තම අධිකරණයට පැවරී ඇති කටයුත්තක් නමුත් ඉහත සඳහන් කළ කරුණ හේතුවෙන් එම නඩු කටයුත්ත විනිශ්චය කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ලිපිය මගින් පෙන්වා දී ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් සුදුසු මහේස්ත්‍රාත්වරයකු පත් කරන ලෙස ද ඉල්ලා සිටින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ තමාගේ කිසිදු සබඳතාවයක් නොමැති බවත් ය.

රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඉකුත් 28 දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරි මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෝට්ටේ – මාදිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එහි විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මාදිවල ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32