මහේස්ත්‍රාත්ගේ මෝටර් රථය කොල්ල කෑ සැකකරුවා පොලිස් දැලේ

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේනගේ නිල මෝටර් රථය කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා.

වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ දී අදාළ සැකකරුවා කොල්ල කෑ මෝටර් රථය සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම, උඩුවන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසේ තිබී කොල්ලකෑම් වලට යොදාගත් ව්‍යාජ පිස්තෝල දෙකක්, උල් පිහි හතරක්, විෂ දියරයක් සහිත බෝතලයක් සහ මිරිස්කුඩු අඩංගු බෑගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෝටර් රථය ලබාදීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 50ක් කප්පම් මුදලක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට සැකකරු ලබාගත් ඇමතුම ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා රෝහල්ගත කළ බවත්, යම් ගනුදෙනුවක් අවශ්‍ය නම් තමන් සමඟ කතා කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයකු ලෙස සැකකරු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සූක්ෂම අයුරින් සැකකරු එකඟ කරවාගෙන වත්තල ප්‍රදේශයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53