මහනුවර සැලෝන් එකක් තුළ සිටි පිරිසක් හදිසියේම සිහිමුර්ජා වෙලා – හතක් රෝහලේ (වීඩියෝ)

මහනුවර නගරයේ පේරාදෙණිය මාර්ගයේ පිහිටි රූපලාවණ්‍යගාරයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහිමුර්ජා තත්ත්වයට පත්වීම හේතුවෙන් අද (20) දහවල් රෝහල් ගතකර තිබෙනවා.

ඒ, අනුව හයදෙනෙකු මහනුවර ජාතික රෝහලටත් තවත් දෙදෙනෙක් මහනුවර පෞද්ගලික රෝහලකටත් ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස රෝහල් ගතකළ පිරිස අතර තරුණියන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් සිටින බවයි වාර්තා වන්නේ.

මින් තරුණියන් හතර දෙනෙක් රූපලාවණ්‍යගාරයේ සේවිකාවන් ලෙස කටයුතු කළ අය වන අතර, අනෙක් තිදෙනා එහි සේවය ලබා ගැනීමට පැමිණ සිටි අය බවයි වාර්තා වුණේ.

මහනුවර – පේරාදෙණිය මාර්ගයේ එක් කොටසක අද (20) දිනයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් එම කොටසේ පිහිටි ව්‍යාපාරික ස්ථාන බොහොමයක් විදුලි උත්පාදන යන්ත්‍ර (ජෙනරේටර්) භාවිත කර තිබෙනවා.

මෙම රූපලාවණ්‍යගාරය තුළ ද ජෙනරේටරයක් ක්‍රියාත්මක කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

රූපලාවණ්‍යගාරයේ සියලු ජනෙල් දොරවල් වසා දමා වායුසමීකරණය යන්ත්‍රය ද (AC) ක්‍රියාත්මක කර මොවුන් විසින් ජෙනරේටරය රූපලාවණ්‍යගාර තුළ ක්‍රියාත්මක කර ඇති බවයි තොරතුරු හෙළි වී ඇත්තේ.

ඒ අනුව රූපලාවණ්‍යගාරය තුළ වාතයේ ඇති වූ කිසියම් අහිතකර තත්ත්වයක් හේතුවෙන් එහි සිටි පිරිස මෙලෙස සිහිමුර්ජා තත්ත්වයට පත්වන්නට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

රෝහල් ගතකළ පිරිස මේ වනවිට ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
14
+1
31
+1
12
+1
17
+1
4
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33
Video thumbnail
ඡන්දය තියනවා ද නැද්ද..?
04:29
Video thumbnail
පාරට බැස්ස රාජ්‍ය සේවකයින් ආණ්ඩුවට අනතුරු අඟවයි
07:36
Video thumbnail
කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට ගන්න - නලින්දගෙන් විපක්ෂයට සැර පිළිතුරක්
02:06
Video thumbnail
ITC එකෙන් ප්‍රභූවරයෙක් නිදහස් කරගත් ඇඟ හිරිවැටෙන ක්‍රියාන්විතය
04:23
Video thumbnail
"මම බෞද්ධයෙක්..බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවා" වැරදිකරුවන්ට නිසි නීතිය ක්‍රියාත්මක වෙනවා
04:07
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37