Empty Ad
AFC Banner
Empty Ad

මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති ධුරය යළිත් ජගත් පුෂ්පකුමාරට

නවවන පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර යළි තේරී පත්ව තිබෙනවා.

එම තනතුර සඳහා ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න විසින් යෝජනා කර ඇති අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් විසින්.

පසුගිය පළමු වනදා පාර්ලිමේන්තුවේ දී පැවති මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේ දී මේ තීරණ ගෙන තිබෙනවා.

ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාර‍යේදී ද මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙසට කටයුතු කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයන් පත්කර ගැනීම පසුගිය දා සිදුකළා.

ඒ, අනුව ඒ අනුව, ඉම්තියාස් බාකීර් මාකාර්, පියංකර ජයරත්න, දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ්, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, බී. වයි. ජී. රත්නසේකර, සාරතී දුෂ්මන්ත, ගෝවින්දන් කරුණාකරම්, ජයන්ත කැටගොඩ, මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන, වේලු කුමාර්, වරුණ ලියනගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, ගාමිණී වලේබොඩ, රාජිකා වික්‍රමසිංහ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?