මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

දැනට පැවැත්වෙන 2022 අ.පො.ස උසස් පෙළ විභාග කාලය තුළ සිදුවන කිසිදු විදුලි කප්පාදුවක් අනුමත නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා විදුලි කප්පාදුව අනුමත නොකරන බවයි කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ.

අද (27) දිනයේ විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීම් කර ඇති බව පවසමින් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ ඊයේ (26) පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීම අනුමත නොකරන බවයි.

පෙබරවාරි 17 වැනිදා දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන් අතර එම කාලය තුළ විදුලිය විසන්ධි කළහොත් නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවා තිබෙනවා.

PUCSL Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?