මාලිමාවට බලය හිමි බණ්ඩාරවෙල, කළුතර මහ නගර සභාවල අයවැය දිනයි – රත්නපුර දෙවනවරටත් පරදී

ස්වාධීන කණ්ඩායමක් සමඟ එක්ව ජාතික ජනබලවේගය බලය පිහිටුවා ඇති බණ්ඩාරවෙල මහ නගර සභාවේ අයවැය අද (19) ජයග්‍රහණය කළා.

අයවැය සම්බන්ධයෙන් සිදුකළ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 06ක්.

ඒ, අනුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 03කින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.

මෙම අයවැය ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා සහභාගී වී සිටියේ නැහැ.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) දින පරාජයට පත්ව තිබෙනවා.

මෙම ඡන්දයේ දී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද, විපක්ෂව ඡන්ද 14ක්ද හිමි වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 01කින් රත්නපුර මහනගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත් වුණා.

මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර මහ නගර සභාවේ අයවැය අද (19) ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහායෙන් මෙම අයවැය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26