මන්නා රමේෂ් හදිසියේ ම උසාවියට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් ව අද (29) අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

මෙම සැකකරුව අත්අඩංගුවට ගැනුණේ ඩුබායි පොලිසිය විසින් වන අතර; පසුව දැඩි රැකවල් මැද ඔහු ව මෙරටට ගෙන ආවා.

රමේෂ් ප්‍රියජනක හෙවත් “මන්නා රමේෂ්” අද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ඔහුට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහායි සැකකරුව මෙලෙස රැගෙනවිත් ඇත්තේ.

මේ වනවිට මන්නා රමේෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ රැඳවුම් කාලය අගෝස්තු 08 වනදා අවසන් වනු ඇති.

සැකකරුගේ රැඳවුම් කාලය අවසන් වන දිනයේ දී ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බව ද අධිකරණ ආරංචි මාර්ග තහවුරු කරනවා.

ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායි හි දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් මැයි 07 වනදා දිනදියි මෙරටට රැගෙන ආවේ.

අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහි ව චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38