මන්ත්‍රී දොළවත්තගෙන් රහස් පොලීසියට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොළවත්ත අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ සමාජකයෙක් යැයි පවසන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත් වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොළවත්ත සඳහන් කළේ.

1977 වර්ෂයට පසුව මෙරට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අසා තිබුණත් 1994 වසරෙන් පසුව එම සංස්කෘතිය අවසන් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පසුගිය කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව සුමට ආකාරයෙන් බල හුවමාරුව සිදුවූ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ “අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා” යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදාහැරීම ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17