මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ඖෂධහලක් වටලයි

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

එම ඖෂධ හලේ තිබී මත්පෙති දහදහකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධහලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරට අනුව උපාය දූතයන් දෙදෙනකු යොදවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පවසනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානී ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඖෂධහල ආසන්නයට පැමිණ පොලිස් උපාය දූතයකු නැවතත් ඖෂධහල වෙත යවා මත්පෙති මිලදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව සඳහන්.

පෙති 10ක් අඩංගු කාඩ් පතක් රුපියල් 450කට විකිණීමට නියමිත වුවත් මෙම ඖෂධ හලේ මත් ලෝලීන් වෙත එය රුපියල් 700/= වැනි ඉතා අධික මිලකට අලෙවි කරන බවට තහවුරු වූ බවත් ඊට අමතරව වෛද්‍ය නිර්දේශ මත ලබාදිය යුතු එම ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබාදෙන බවට ද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

ඖෂධහලේ හිමිකාරිය වන 42 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදා හැර තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කරනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32