spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ඖෂධහලක් වටලයි

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

එම ඖෂධ හලේ තිබී මත්පෙති දහදහකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධහලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරට අනුව උපාය දූතයන් දෙදෙනකු යොදවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පවසනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානී ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඖෂධහල ආසන්නයට පැමිණ පොලිස් උපාය දූතයකු නැවතත් ඖෂධහල වෙත යවා මත්පෙති මිලදී ගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව සඳහන්.

පෙති 10ක් අඩංගු කාඩ් පතක් රුපියල් 450කට විකිණීමට නියමිත වුවත් මෙම ඖෂධ හලේ මත් ලෝලීන් වෙත එය රුපියල් 700/= වැනි ඉතා අධික මිලකට අලෙවි කරන බවට තහවුරු වූ බවත් ඊට අමතරව වෛද්‍ය නිර්දේශ මත ලබාදිය යුතු එම ඖෂධ කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ලබාදෙන බවට ද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

ඖෂධහලේ හිමිකාරිය වන 42 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන බැඳුම්කරයක් මත මුදා හැර තිබෙනවා.

ඉදිරි විමර්ශන කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කරනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?