මත්පැන් බෝතලයකින් පහර දී එක්දරු මවක් අවසන් ගමන් යැවූ සැකකරු රිමාන්ඩ්

මීගමුවේ අවන්හලකදී මත්පැන් බෝතලයකින් පහරදීමෙන් කාන්තාවක් ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගෝස්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වෙන්නප්පුව, නයින මඩම් ප්‍රදේශයේ පදිංචි යෝහන් සමරතුංග නැමති 36 හැවිරිදි අයෙක්.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගමුව, හලාවත පාරේ පදිංචි එක්දරු මවක්.

ඉකුත් ජුලි 17 වැනිදා මෙම කාන්තාව සහ තවත් මිතුරන් කීප දෙනෙක් සමග ඒත්තුකාල ප්‍රදේශයේ අවන්හලකට ගොස් සාදයක් පවත්වා ඇති අතර, සාදය අවසන් වී පිටතට පැමිණි විට සැකකරු හා කාන්තාව අතර බහින්බස්වීමක් ඇතිවී සැකකරු විසින් තම අත තිබූ බෝතලයකින් කාන්තාවගේ හිසට පාර දීම නිසා මෙම මරණය සිදුව ඇති බව පැමිණිල්ල සඳහන් කරනවා.

පහර කෑමට ලක් වූ කාන්තාව නිවසට පැමිණි අතර හිසේ කැක්කුමක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබෙනවා.

එහිදි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ නාන කාමරයේදී ලිස්සා වැටුනු බවටයි.

කෙසේ වෙතත් රෝහලේදී අසාද්‍ය තත්ත්වයට පත් වූ කාන්තාව එම පුද්ගලික රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව පොලිසිය අධිකරණයට කියා සිටියා.

පසුව මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවැඩ බලන මහෙස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු අතර මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය හමුවට ජුලි 27 වැනිදා සැකකරු ඉදිරිපත් කරනු ලැබුවා.

මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන කාර්යාංශයේ නඩු කටයුතු මෙහෙවන නිලධාරියා විසින් කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජයසීලන් ජයකාන්තන් විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එහිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන කාර්යාංශයේ නඩු කටයුතු මෙහෙවන නිලධාරියා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ සිද්ධිය වූ දින මියගිය තැනැත්තිය සහ සැකකරු සමග මත්පැන් සාදයට සහභාගි වූ අයවලුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

මියගිය තැනැත්තියගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සහ ඇගේ සහෝදරිය මියගිය තැනැත්තියගේ මෘත ශරීරය හඳුනාගත් බව ද සඳහන් කළා.

මරණකාරියගේ තිසකෙස් හා ලේ සාම්පල් ද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත මීගමුව පොලිසිය විසින් බාර දුන් බව කියා සිටියා.

සාදය පැවැත්වූ අවන්හලේ කළමනාකරුගෙන් පොලිසිය විසින් ප්‍රකාශ ලබා ගත් බවත් හෝටලයේ සීසීටීවි කැමරා පද්ධතිය බාරව කටයුතු කරන අයගෙන් එම සිද්ධියේ සීසීටීවී දර්ශන තැටි දෙකක් පොලිසිය ලබා ගත් බවත්, එම අවන්හලේ ගේට්ටුව අසල තිබී බිඳී ගිය මත්පැන් බෝතලයේ කොටස්ද පොලිස් භාරයට නඩු භාණ්ඩ වශයෙන් ගෙන ඇතැයිද සඳහන් කළා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකරු හා සැකකාරිය භාවිතා කළ බව කියැවෙන ජංගම දුරකථන ද, එම මත්පැන් බෝතලේ කොටස්ද, අදාල සීසීටීවී දර්ශනවල පිටපත් ද, රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.

මහේස්ත්‍රාත්වරිය පොලිසියට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

සැකකරු අගෝස්තු 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා කැඳවීම එදිනට කල් තැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12