මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ සදුලාගේ සහායට ආ ලකේගල හිමි අධිකරණ පරිශ්‍රයේ යකා නටයි

තායිලන්තයේ සිට කුෂ් සහ හැෂ් වර්ග⁣යේ මත්ද්‍රව්‍ය කිලෝ 112 ගෙන ඒමේදී අත්අඩංගුවට ගත් චීවරධාරින් 22 සහ එම චීවරධාරින් මෙහෙය වූ බවට සැකකෙරෙන අගුණකොලේ අමිතානන්ද නම් චීවරධාරීයා ඇතුළු පිරිස ඊයේ (02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

ඊයේ (02) දින මෙම නඩුව විභාග වූ අවස්ථවේ, අත්අඩංගුවට ගත් චීවරධාරීන්ගේ සහායට අධිකරණයට පැමිණ සිටි ලකේගල නමින් තමන් විසින්ම හදුන්වාගත් හිමි හිමිනමක් මාධ්‍යවේදීන්ට හිරිහැර වන ආකාරයෙන් හැසුරුන අතර, මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කතාකර ඔහු ගෙන්වාගෙන මාධ්‍යවේදීන් රැදී සිටි ස්ථානයෙන් ඉවත් කරවීමට උත්සාහ ගෙන තිබෙනවා.

එහිදී මාධ්‍යවේදීන් මීගමුව මූලස්ථාන පොලිස් පරිරීක්ෂකවරයාට සිදුකළ කරුණු පැහැදිලි කිරීමෙන් පසු සත්‍ය තත්ත්වය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් පිළිගෙන මාධ්‍යවේදීන්ට සිට රාජකාරි කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

එසේ වූවත් විවිධ ඉහළ පොලිස් නිලධාරීන් අමතමින් ලකේගල හාමුදුරුවෝ නමින් හදුන්වාගත් හිමිනම බන්ධනාගාර බසයට සැකකාර චීවරධාරීන් 23 දෙනා නංවාගෙන යන දර්ශනය විඩියෝ ගත කිරිම වළක්වාලීමට දැඩි උත්සහයක් ගෙන තිබෙනවා.

නඩු කටයුත්ත අවසන් වන විට රාත්‍රී 7.00 පමණ වී තිබූ බවත් පැවති අඳුර හේතුවෙන් අධිකරණයට ඇතුලුවන තරප්පු පෙළ අසල විශාල ෆ්ලෑෂ් ලයිට් එකක් පමණක් දල්වා තිබූ බව සඳහන් කළ දසත නිවුස් අධිකරණ වාර්තාකරු, එම අවස්ථාවේ දී ලකේගල නැමැති හිමිනම සමඟ එම ස්ථානයට පැමිණ සිටි වෙනත් හිමිනමක් තම සිවුර ගලවා එම විදුලි බුබුළ
වසා දැමීමට කටයුතු කළ බවයි පැවසුවේ.

සැකකාර චීවරධාරීන් බන්ධනාගාර බසයට නංවාගෙන යන ආකාරය මාධ්‍යවේදීන්ට විඩියෝ ගත කිරීමට නොහැකි වන ලෙස එලෙස කටයුතු කර තිබෙනවා.

බන්ධනාගාර බසයෙන් සැකකරුවන් රැගෙන යනතෙක්ම මාධ්‍යවේදීන් ඉවත්කිරීමට ලකේගල නැමැති හිමිනම උත්සාහ කර ඇති අතරම මාධ්‍යවේදීන් අසභ්‍ය අයුරින් බැණ තර්ජනය කර ඇති බවයි වාර්තා වුණේ.

අහිංසක හාමුදුරුවෝ පිරිසක් නිරපරාදේ මෙම සිද්ධිය හසු කර ඇති බවත් ඔවුන්ගේ සිරුවු ගලවා දැමීමට රජය කුමන්ත්‍රණය කරන බව ද එහිදී එම ලකේගල නැමැති හිමිනම පවසා තිබෙනවා.

මේ අතර අධිකරණයේ ගරුත්වය රැකෙන ලෙස වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කිරීමට සම්බන්ධයෙන් ලකේගල නැමැති හිමිනම සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වවරයා වෙත පැමිණිල්ලක් භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
122
+1
3
+1
5
+1
5
+1
34
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14