ගම්පහ බබා ලබන 15 දක්වා වැනිදා දක්වා රිමාන්ඩ් කෙරේ

ප්‍රබල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් “ගම්පහ බබා” ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (5) නියෝග කළා.

එදිනට සැකකරුට අදාලව නීති විරෝධී ලෙස රටින් පැනයමට පෙර වෙනත් වැරදි මත අත්අඩංගුවට ගෙන නඩු ගොනුකර තිබේද යන්න පිළිබඳ විමර්ශනය කර සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රිය අපරාධ විමර්ශන අංශයට නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී නීතිඥවරිය කළ ඇප ඉල්ලීමට අදාල නියෝගය එම වාර්තාව ලැබීමෙන් පසුව ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වූවා.

මන්නාරම වෙරළක් හරහා නීති විරෝධී ලෙස බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් එහි සිට නේපාලයට පැන ගොස් සිටියදී ජාත්‍යන්තර පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදු කරන ලද විමර්ශනයකට අදාලව සැකකරුට චෝදනා ගොනු කර තිබුණා.

මෙම සිද්ධියට අදාලව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් සහ පාතාල කල්ලි නායකයන් බව කියන ගම්පහ බබා, බැකෝ සමන්, නුගේගොඩ බබී, කෙසෙල්බද්දර පද්මේ යන සැකකරුවන් නීති විරෝධී ලෙස රටින් පලයෑම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා ගොනුකර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28