මුදල් ව්‍යාපාර පනත සංශෝධනය වෙනුවෙන් පනත් කෙටුම්පතක්

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත බලාත්මක වීමෙන් අනතුරුව, මේ වන විට වසර 15 ක් පමණ ගත වී ඇති අතර, එම කාලය තුළ දේශීය සහ ගෝලීය මූල්‍ය පසුබිම තුළ සැලකිය යුතු වෙනස්කම් සිදුව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එබැවින්, මුදල් සමාගම් අංශය පාලනය කරන නියාමන රාමුව සමාලෝචනය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම බලපත්‍ර ලබා දීම, අධීක්ෂණය, නිරාකරණය, ආයතනික යහපාලනය, තැන්පත්කරුවන් රැක ගැනීම සහ අනවසර තැන්පතු භාර ගැනීමට එරෙහිව බලගැන්වීම යන කරුණුවලට අදාල පනතේ විධි විධාන සංශෝධනය කළ යුතු බව හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34