මහින්දානන්ද අලුත්ගමගේ පදනම කරගෙන ගිය ගොඩනැගිල්ල සහ ඉඩම යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

නාවලපිටිය නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක බදු පදනම මත පවත්වා ගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍ර තුෂාරි ජයසිංහ විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක පවතවාගෙන යනු ලබන මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ ඒ ආශ්‍රිත භූමිය නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට මසක් වැනි කාලයක් තුළ පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දැනුම් දුන්නා.

ඒ, අනුව අද (02) පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම පදනම් ගොඩනැගිලි සහ භූමිය නැවත පවරාදීම එම පදනමේ ලේකම් චාමික ධර්මතිලක විසින් සිදුකරනු ලැබුවා.

වසර 25 ක පමණ කාලයක සිට නීත්‍යානුකූල ලෙස බදු මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවමින් තමන් විසින් පරිහරණය කළ මෙම දේපළට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන ‘සදහම් සුවඳ’ සීල භාවනා වැඩසටහනට නාවලපිටිය තරුණ බෞද්ධ සංගමයට පුණ්‍ය කටයුත්තක් සඳහා ලබාදීම වෙනුවෙන් අනවසර භාවිතයක් ලෙස දක්වමින් ගිවිසුම් උල්ලංඝනය කළ බවට දුම්රිය සාමාන්‍යධිකාරී විසින් ඉවත්වන ලෙසට දන්නවා තිබූ නියෝගයට ගරු කරමින් අද දින දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම දේපළ භාර දෙන බවයි එහි ලේකම්වරයා පැවසුවේ.

එමෙන්ම පසුගිය වසර 25 තුළ මහින්දානන්ද අලුත්ගමගේ පදනම මගින් මධ්‍යම පළාත තුළ සමාජ සේවා කටයුතු විශාල ප්‍රමාණයක් සඳහා මෙම ස්ථානයේ භාවිතා කළ බවත් ඒ කිසිදු අවස්ථාවක එමගින් මුදල් ඉපයීමක් සිදු නොකර බවත් එහෙත් මෙම අවස්ථාවේ රජය සමඟ ගැටුමකට නොගොස් මෙය හිමි දුම්රිය දෙපාර්තමේන්තුවට බදු ගිවිසුම 2028 තෙක් තිබියදීම් නැවත භාර දීමට තමන් කටයුතු කරන බව ඔහු පැවසුවේ.

මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ ප්‍රකාශ කළේ, දීර්ඝ කාලයක සිට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් අවභාවිත කළ මෙම දේපළ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුනසේනගේ මැදිහත් වීමෙන් නැවත දුම්රිය දෙපාර්තමේන්තුවටම ලබාගැනීමට කටයුතු කළ බවයි.

ඉදිරියේදී මෙම වටිනා වාණිජ ඉඩම ජනතාවට ප්‍රයෝජනයක් වන පොළ භූමියක් හා වෙනත් ආයතන සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බවත් ඇය ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බනින්න, අපි ගැන හොයන්න..ආණ්ඩුවට වෙන ඉරණම ආණ්ඩුවටත් හිතාගන්න බැරිවෙයි
02:08
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22