විගණන සේවා කොමිෂන් සභාවේ‍ නව සාමාජිකයන් සිව්දෙනෙක් රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිව්දෙනෙක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දී තිබෙනවා.

හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී. තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරියෙක් වන රත්න දේශප්‍රිය විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයන් ලෙස මෙසේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නා.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව, අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරනු ලබන අවස්ථාවකදී හෝ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 9 (අ) වගන්තියට යටත්ව යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති විටකදී හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලික අංශයේ කවර තැනැත්තෙකුට කවර හෝ ආකාරයෙන් හෙළිදරව් නොකරන බවටත් සාකච්ඡා හෝ ප්‍රකාශ කිරීම සිදු නොකරන බවටත් දිවුරුම් දීම සිදුකළ යුතු වනවා.

විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති, විගණකාධිපති සමුදිකා ජයරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්න අහපු ලාල්ට නාමල් රාජපක්ෂ දාපු කිණ්ඩිය...
01:43
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක්
00:24
Video thumbnail
ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි
00:38
Video thumbnail
Port Cityයේදී චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
00:58
Video thumbnail
එරංග තමුන්ලා අධිකරණ ඇමතිගේ තාත්තයි මහප්පයි ම#න්න හිටියේ - මුජිබුර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල ප්‍රකාශය
05:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
07:46:25
Video thumbnail
"මමයි තාත්තයි වෙනස්.. අපිට ආණ්ඩුව පෙරලන්න උවමනාවක් නෑ"
01:10
Video thumbnail
සාකච්ඡාව මැදින් නැගිටිලා එළියට ආ නාමල් සජිත්ට කින්ඩියක් දායි
06:51
Video thumbnail
"මම සජිත්ටයි, රනිල්ටයි කියලා එළියට ආවා"
00:49
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට ගිය නැති හේතුව මෛත්‍රී කියයි
01:21