spot_img
AFC Banner
Empty Ad
Empty Ad

භූතානය  චීනය සමඟ එක්වුවහොත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මෙන් විශාල පාඩුවලට මුහුණ දෙනු ඇති බවට වාර්තාවක්

චීනය දශක ගණනාවක් තිස්සේ භූතානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව සමඟ සෙල්ලම් කරමින් සිටින බව රෙඩ් ලැන්ටර්න් ඇනලටිකා (Red Lantern Analytica) නිරීක්ෂණ සංවිධානය පවසනවා.

Red Lantern Analytica යනු  චීන-ඉන්දියා සබඳතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් චීනය සම්බන්ධ තීරණාත්මක කරුණු පිළිබඳ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පර්යේෂණ කරන ජාත්‍යන්තර කටයුතු නිරීක්ෂක කණ්ඩායමක්.

2017 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ  නායකත්වය යටතේ ඩොක්ලාම් සානුව පිළිබඳ  ප්‍රශ්නය ප්‍රසිද්ධියට පත් වූ අතර ඉදිකිරීම් වාහන සහ මාර්ග තැනීමේ උපකරණ සහිත චීන හමුදා ඩොක්ලාම් හි දැනට පවතින මාර්ගයක් දකුණට දිගු කිරීමට ද පටන් ගෙන තිබෙනවා. ඩොක්ලාම් යනු ඉන්දියාව, භූතානය සහ චීනය අතර මතභේදාත්මක ප්‍රදේශයක් බවයි Red Lantern Analytica සංවිධානය පෙන්වා දෙන්නේ.

චීනය සිය අධිපතිවාදී ආශාවන් නිසා මුළු සානුවටම හිමිකම් කියන අතරම, ඉන්දියාව ඓතිහාසික ගිවිසුම්වල ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරමින් සිටින බව එම සංවිධානයේ අදහසයි.

මිත්‍රත්ව ගිවිසුම වැනි ගිවිසුම් යටතේ ඉන්දියාව සමඟ සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය කිරීමට භූතානය එකඟ වුවද චීනය විසින් තම ස්ථාවරය වෙනස් කරන ලෙසට මේ වනවිට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බව සඳහන්.

මේ හේතුවෙන් භූතාන අග්‍රාමාත්‍ය Lotay Tshering පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඩොක්ලාම් ආරවුල විසඳීම භූතානයට පමණක් නොවන බවත් භූතානය, ඉන්දියාව සහ චීනය යන රටවල් තුනම ඩොක්ලාම් ආරවුලේදී සමාන කොටස් හිමිකමක් ඇති බවයි.

ඉන්දියාවේ මූලෝපායික සිලිගුරි කොරිඩෝවට ආසන්නයේ ඇති ඩොක්ලාම් සානුව නීත්‍යනුකූලව චීනයේ කොටසක් බවට පත් කර ගැනීම සඳහා  මතභේදයට තුඩු දී ඇති ත්‍රි-හන්දිය දකුණට ගෙන යාමට චීනය උත්සාහ කරන බව Red Lantern Analytica පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ ආසියාව චීනයේ  කුරිරු ‘ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකත්වයේ’ ඉලක්කයන් බවට පත්වූ බවයි.

ප්‍රධාන උදාහරණ වන්නේ ශ්‍රී ලංකාව, මොංගෝලියාව ,නේපාලය සහ  පකිස්ථානයයි.

මෙම සියලු රටවල් චීනය විසින් ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා සූරාකෑමට ලක් වූ අතර, ඔවුන් චීනය මත යැපෙන තත්ත්වයකට පත්ව අවසානයේ ඔවුන්ගේම ස්වභාවික සම්පත් සහ යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය ද අහිමි කරගන්නා තත්ත්වයට පත්ව ඇති බව Red Lantern Analytica පෙන්වා දෙනවා.

මේ නිසා භූතානය අවදියෙන් සිටිය යුතු අතර චීනයේ සැකසහිත උගුල්වලට හසු නොවී සිය ගැටුම් නිරාකරණය කිරීමට  සැමවිටම උත්සාහ කළ යුතු බව එම සංවිධානයේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?