භූතානය  චීනය සමඟ එක්වුවහොත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මෙන් විශාල පාඩුවලට මුහුණ දෙනු ඇති බවට වාර්තාවක්

චීනය දශක ගණනාවක් තිස්සේ භූතානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව සමඟ සෙල්ලම් කරමින් සිටින බව රෙඩ් ලැන්ටර්න් ඇනලටිකා (Red Lantern Analytica) නිරීක්ෂණ සංවිධානය පවසනවා.

Red Lantern Analytica යනු  චීන-ඉන්දියා සබඳතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් චීනය සම්බන්ධ තීරණාත්මක කරුණු පිළිබඳ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පර්යේෂණ කරන ජාත්‍යන්තර කටයුතු නිරීක්ෂක කණ්ඩායමක්.

2017 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ  නායකත්වය යටතේ ඩොක්ලාම් සානුව පිළිබඳ  ප්‍රශ්නය ප්‍රසිද්ධියට පත් වූ අතර ඉදිකිරීම් වාහන සහ මාර්ග තැනීමේ උපකරණ සහිත චීන හමුදා ඩොක්ලාම් හි දැනට පවතින මාර්ගයක් දකුණට දිගු කිරීමට ද පටන් ගෙන තිබෙනවා. ඩොක්ලාම් යනු ඉන්දියාව, භූතානය සහ චීනය අතර මතභේදාත්මක ප්‍රදේශයක් බවයි Red Lantern Analytica සංවිධානය පෙන්වා දෙන්නේ.

චීනය සිය අධිපතිවාදී ආශාවන් නිසා මුළු සානුවටම හිමිකම් කියන අතරම, ඉන්දියාව ඓතිහාසික ගිවිසුම්වල ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරමින් සිටින බව එම සංවිධානයේ අදහසයි.

මිත්‍රත්ව ගිවිසුම වැනි ගිවිසුම් යටතේ ඉන්දියාව සමඟ සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය කිරීමට භූතානය එකඟ වුවද චීනය විසින් තම ස්ථාවරය වෙනස් කරන ලෙසට මේ වනවිට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බව සඳහන්.

මේ හේතුවෙන් භූතාන අග්‍රාමාත්‍ය Lotay Tshering පසුගියදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඩොක්ලාම් ආරවුල විසඳීම භූතානයට පමණක් නොවන බවත් භූතානය, ඉන්දියාව සහ චීනය යන රටවල් තුනම ඩොක්ලාම් ආරවුලේදී සමාන කොටස් හිමිකමක් ඇති බවයි.

ඉන්දියාවේ මූලෝපායික සිලිගුරි කොරිඩෝවට ආසන්නයේ ඇති ඩොක්ලාම් සානුව නීත්‍යනුකූලව චීනයේ කොටසක් බවට පත් කර ගැනීම සඳහා  මතභේදයට තුඩු දී ඇති ත්‍රි-හන්දිය දකුණට ගෙන යාමට චීනය උත්සාහ කරන බව Red Lantern Analytica පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ ආසියාව චීනයේ  කුරිරු ‘ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකත්වයේ’ ඉලක්කයන් බවට පත්වූ බවයි.

ප්‍රධාන උදාහරණ වන්නේ ශ්‍රී ලංකාව, මොංගෝලියාව ,නේපාලය සහ  පකිස්ථානයයි.

මෙම සියලු රටවල් චීනය විසින් ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා සූරාකෑමට ලක් වූ අතර, ඔවුන් චීනය මත යැපෙන තත්ත්වයකට පත්ව අවසානයේ ඔවුන්ගේම ස්වභාවික සම්පත් සහ යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය ද අහිමි කරගන්නා තත්ත්වයට පත්ව ඇති බව Red Lantern Analytica පෙන්වා දෙනවා.

මේ නිසා භූතානය අවදියෙන් සිටිය යුතු අතර චීනයේ සැකසහිත උගුල්වලට හසු නොවී සිය ගැටුම් නිරාකරණය කිරීමට  සැමවිටම උත්සාහ කළ යුතු බව එම සංවිධානයේ අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25