භාණ්ඩ 600 පැනවූ සීමාවන්ට සිදුවන දේ

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාරිභෝගික භාණ්ඩ 600කට වැඩි සංඛ්‍යාවකට පැනවූ ආනයන සීමාවන් පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස මුලදී සිය ආනයන සීමා තවදුරටත් පුළුල් කරමින් ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ සහ ආහාර වර්ග ඇතුළු භාණ්ඩ වර්ග 623කට ආනයනයේදී බැංකුවේ තැන්පත් කළයුතු මුදල් සීමාව දෙගුණ කරමින් එම භාණ්ඩ ආනයනය අධෛර්යවත් කරනු ලැබීය.

මහ බැංකුව සතු ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් පහත වැටීම ඊට හේතුවයි.

එහෙත්, විශේෂයෙන් පසුගිය වසරේ වසංගතය ආරම්භ වීමෙන් පසු වේගයෙන් ඉහළ යන විදේශ විනිමය මෙරටට ගෙනඑන තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයට (IT) මෙම තහංචි බරපතළ ලෙස බලපා ඇත.

ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට අදහස් පළකරමින් ජනාධිපති ලේකම්වරයා පවසන්නේ එවැනි සීමා කිරීම් පශ්චාත් කොවිඩ් -19 ආර්ථික ප්‍රතිසාධන සැලැස්මට නොගැලපෙන බවයි.

“තොරතුරු තාක්‍ෂණය යනු අපනයන වේගයෙන් ඉහළ ගොස් ඇති අංශයක් වන අතර එම ක්ෂේත්‍රය මේ වසරේදී ඩොලර් බිලියන එකයි දශම හතක අපනයන ඉලක්කයක් හඹා යයි. දැන් මහ බැංකුව තොරතුරු තාක්‍ෂණ නිෂ්පාදන සඳහා සියයට සියයක ණය ආන්තිකයක් පනවා ඇති අතර එය හිතකර නොවේ” යැයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

පශ්චාත් කොවිඩ් -19 ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම සියලුම පාර්ශ්ව සමග සාමූහිකව සිදු කෙරෙන බැවින් අපනයන ආදායම් අඛණ්ඩව පවත්වාගැනීම සඳහා මෙම කරුණු නැවත සලකා බැලිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34