බෝම්බ රිශාක් සහ උක්කුවා අත්අඩංගුවට

බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුළු වී දේපළ සොරා ගත් මාලිගාවත්තේ “බෝම්බ රිශාක්” සහ එම දේපළ සහ තවත් සොර බඩු මිලදී ගත් “උක්කුවා” නම් සැකකරුවන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපළ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව සොර බඩු ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා අත් ඔරලෝසුව හතරක්, කාන්තා රන් මුදු දෙකක්, වටිනා ජංගම දුරකථනයක්, අයි පෑඩ් දහයක් මෙන්ම ලැප්ටොප් පරිගණකයක් සහ විදේශීය මුදල් තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහතදී බම්බලපිටිය කින්රොස් පෙදෙසෙහි දෙමහල් නිවසට අලුයම් කාලයේ දී දොර කඩා ඇතුළු වූ රිශාක් නමැති සැකකරු එම නිවසේ කාමරයක අල්මාරියේ දමා තිබූ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනා අත් ඔරලෝසු 4 ඇතුළු රුපියල් ලක්ෂ 25ක පමණ දේපොළ සොරාගෙන ගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරු අනුව මාලිගාවත්ත ආර්. ජි. වත්ත ප්‍රදේශයේදී බෝම්බ රිශාක් නැමැත්තා අත්අඩංගුවට ගෙන සිදු කළ සිදු කළ ප්‍රශ්න කිරීමේදී යි ඔහුගෙන් සොර බඩු මිලදී ගත් උක්කුවා නමැත්තා පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ.

පසුව සැකකරුගේ නිවස වටලා ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපලවලට අමතරව සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 20ක පමණ තවත් දේපල තිබී සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් බෝම්බ රිශාක් නමැත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට ද හෙළිවී ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57