වනාතේ බිම්සරට වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් කොටු

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ පසුගිය පෙබරවාරි 19 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම් සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (01) දිනයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමඟ යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු සමඟ අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස ලේඛණගත වී ඇති බිම්සර ගුණසේකර හෙවත්, ‘වනාතේ බිම්සර’ නැමැති පුද්ගලයෙක් තුවාල ලැබුවා.

ඔහු එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටියදීයි.

කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00
Video thumbnail
හෙට උදේ 8න් පස්සේ වෛද්‍ය වැඩවර්ජනය අවසන්..මෙයාලට සාකච්ඡා පුරුදු නැහැ
05:17
Video thumbnail
මුජිබුර් බලශක්ති ඇමතිට හොඳම එකෙන් දෙසයි - ලැජ්ජා නහරය පැලවත්තෙදි අයින් කරලා
06:22
Video thumbnail
රු. කෝටි 62ක දැවැන්ත ලොතරැයි ජය මල්ලට උරුමකම් කියූ වාසනාවන්තයා
07:21