spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනාතේ බිම්සරට වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් කොටු

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ පසුගිය පෙබරවාරි 19 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම් සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (01) දිනයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමඟ යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු සමඟ අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස ලේඛණගත වී ඇති බිම්සර ගුණසේකර හෙවත්, ‘වනාතේ බිම්සර’ නැමැති පුද්ගලයෙක් තුවාල ලැබුවා.

ඔහු එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටියදීයි.

කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?