බේකර්ස් බෙන්ඩ් නැරඹීමට ගිය සුඛෝපභෝගී ජීප් රියක් ප්‍රපාතයකට පෙරළී යයි (වීඩියෝ)

විනෝද චාරිකාවකට එක් වූ පිරිසක් රැගත් සුඛෝපභෝගී ජීප් රියක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම අනතුර ඊයේ (10) සිදු ව ඇත්තේ බලංගොඩ – නන්පෙරියල් ප්‍රදේශයේ දී බවයි.

නන්පෙරියල් ප්‍රදේශයේ හරහා ලෝකාන්තය පාමුල තිබෙන බේකර්ස් බෙන්ඩ් නැරඹීමට ගිය ජීප් රියක් මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ජීප් රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?