බුදු දහමට සිදුවන අපහාස ගැන මහ නාහිමිවරුන්ගේ අවධානය (වීඩියෝ)

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුවාවෙන් බුද්ධ ධර්මයට අපහාස වන අයුරින් හැසිරීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි පවසනවා.

බුදු දහමට අපහාස කිරීම සඳහා ගිහියන් මෙන්ම චීවරධාරීන් ද කටයුතු කරන බව මෑතක සිට නිරන්තරයෙන් දැකිය හැකි බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

වර්තමානය වන විට බුදු සසුනට ඉල්ලවන අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කර පිවිතුරු බුදු දහම රැක ගැනීම සඳහා වන විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී පැවැත්වුණා.

බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති බව එහිදී පෙන්වා දුන් අනුනායක හිමියන් කියාසිටියේ මහජනයාට මෙන්ම ආණ්ඩුවට ද බුදු දහම රැක ගැනීමේ වගකීමක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මහා නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය අවධානයෙන් පසුවන බව කී අනුනායක හිමි, අධිරාජ්‍යවාදයෙන් රටට සිදුවූ හානියට සමාන හානියක් මේ වන විට සිදුකරමින් පවතින බව පෙන්වා දුන්නා.

මෙවැනි තත්ත්වයක් යටතේ මහජනතාව වඩාත් විමසිලිමත් විය යුතු යැයි සඳහන් කළ උන්වහන්සේ බුදුදහම රැක ගැනීම පරම වගකීමක් බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33