Fly high Get bonus Aviator Phone

බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ මිතුරාගේ ගෙළ කපා සැමියා ලේ බීලා

තම බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන මිතුරාගේ ගෙළ කපා ලේ පානය කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

කර්නාටක ප්‍රාන්තයේ චික්කබල්ලාපූර් ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම බිහිසුණු සිදුවීම සිද්ධිය සිදුවූ තැන සිටි පුද්ගලයෙකුගේ කැමරාවක සටහන්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම මිතුරා වන මාරේෂ් නැමැත්තා තම බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට සැමියාට තොරතුරක් ලැබී තිබෙනවා.

පසුව ඒ පිළිබඳව විමසීම සඳහා ඔහුව හමුවන ලෙස සැමියා විසින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා එලෙස හමු වූ අවස්ථාවේ දී ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් මිතුරාගේ ගෙළ කපා පසු ඔහුගේ ලේ පානය කර ඇති බවයි වාර්තා වුණේ.

බරපතළ තුවාල ලැබූ මිතුරා ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති බවයි පොලිස් නිලධාරීන් සඳහන් කළේ.

කෙන්චර්ලහාල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකාර සැමියාට එරෙහිව මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
37
+1
119
+1
46
+1
19
+1
23
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?