බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත් වූ මිතුරාගේ ගෙළ කපා සැමියා ලේ බීලා

තම බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන මිතුරාගේ ගෙළ කපා ලේ පානය කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

කර්නාටක ප්‍රාන්තයේ චික්කබල්ලාපූර් ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම බිහිසුණු සිදුවීම සිද්ධිය සිදුවූ තැන සිටි පුද්ගලයෙකුගේ කැමරාවක සටහන්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම මිතුරා වන මාරේෂ් නැමැත්තා තම බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට සැමියාට තොරතුරක් ලැබී තිබෙනවා.

පසුව ඒ පිළිබඳව විමසීම සඳහා ඔහුව හමුවන ලෙස සැමියා විසින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා එලෙස හමු වූ අවස්ථාවේ දී ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් මිතුරාගේ ගෙළ කපා පසු ඔහුගේ ලේ පානය කර ඇති බවයි වාර්තා වුණේ.

බරපතළ තුවාල ලැබූ මිතුරා ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති බවයි පොලිස් නිලධාරීන් සඳහන් කළේ.

කෙන්චර්ලහාල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකාර සැමියාට එරෙහිව මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
37
+1
119
+1
46
+1
19
+1
23
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38