වසර 75ක් තුළ ඇති වූ එල් නිනෝ තත්ත්වයන්ට වඩා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් මෙම වසර අවසානයේ

මේ වසර අගවන විට එල් නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක්වීමේ සම්භාවිතාව 90%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ වසර 75ක් තුළ ඇති වූ එල් නිනෝ තත්ත්වයන්ට වඩා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් මේ වසර අවසානයේ දී අපේක්ෂා කරන බවයි.

“මේ එල් නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව සීයට අනූවකට වඩා වැඩියි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ. මේ වසරේ ඇතිවන එල් නිනෝ තත්ත්වය පහුගිය වසර 75ක, 1950 ඉදලා මේ දක්වා වගේ ඇතිවුණු එල් නිනෝ සංසිද්ධීන් එක්ක සංසන්ධනය කරන කොට මෙම එල් නිනෝ තත්ත්වය ඒ සියලුම එල් නිනෝ තත්ත්වයන්ට වඩා ඉතා ප්‍රබල එඑල් නිනෝවක්වීමට තියෙන සම්භාවිතාව 70%කට ආසන්නව මේවන විට පුරෝකථනය වෙනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්