බිම්වෙඩි ඉවත් කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් 04කට අනුමැතිය

බිම්වෙඩි ඉවත් කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන 04ක් සමඟ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය පැවති අවධියේදී, එම ප්‍රදේශයන්හි වළ දමා ඇති බිම්වෙඩි ඉවත් කර එම ප්‍රදේශ වල ජීවත් වූ පවුල්වල ජන ජීවිතය යථා පරිදි ස්ථාපනය කිරීම පිණිස එම පවුල් නැවත පදිංචි කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීමට බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහනේ මූලික පරමාර්යයි.

ඒ අනුව, 2002 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් බිම්වෙඩි ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහනේ කටයුතු දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකය විසින් ආරම්භ කරනු ලැබ තිබෙනවා.

එම වැඩසටහන යටතේ 2026-01-01 දින වන විට තවදුරටත් වර්ග කිලෝමීටර 21.3 ක ප්‍රමාණයක බිම්වෙඩි ඉවත් කිරීමට ඉතිරිව පවතිනවා.

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදා මානුෂීය බිව්වෙඩි ඉවත් කිරීමේ ඒකකය සමඟ එක්ව බිම්වෙඩි ඉවත් කිරීමේ කාර්යයේ නිරත දේශීය හා විදේශීය ආයතන ලෙස, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන වන Mines Advisory Group සහ The Halo Trust ද දේශීය රාජ්‍ය නොවන සංවිධාන වන Delvon Assistance for Social Harmony to Skavita Humanitarian Assistance and Relief Project යන ආයතන කටයුතු කරනු ලබනවා.

බිව්වෙඩි ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමේදී බිම්වෙඩි ඉවත් කිරීමේ ආයතන සමඟ බිම්වෙඩි ඉවත් කිරීමේ ජාතික මධ්‍යස්ථානය වාර්ෂිකව අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනවා.

ඒ අනුව, 2026-01-01 දින සිට 2026-12-31 දින දක්වා කාලයට අදාළව ඉහත සඳහන් ආයතන සමඟ අදාළ කාර්යය සඳහා අවබෝධතා ගිවිසුම් 04 කට අත්සන් තැබීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40