Empty Ad
AFC Banner
AFC Banner

බිනර ශාකයක් ළඟ තබා ගැනීමේ වරදට රු:80,000ක දඩයක්

වඳවීමේ තර්ජනයට ලක් ව තිබෙන බිනර ශාකයක් සන්තකයේ තබාගත් ඊශ්‍රායල් ජාතික කාන්තාවකට රුපියල් 80,000ක දඩයක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (12) නියම කර තිබෙනවා.

හන්තාන රක්ෂිතයේ දී 36 හැවිරිදි ඊශ්‍රායල් ජාතික කාන්තාව ගම්පොළ අඩවි වන නිලධාරී කාර්යාලය මගින් ඊයේ (11) පස්වරු 4.30 ට පමණ අත්අඩංගුවට ගැනුණා.

ඇප බැඳුම්කරයක් මත මුදා හරින ලද සැකකාරිය අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ ඇයට මෙම දඩය නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

දඩ මුදල ගෙවීමෙන් පසු අධිකරණය භාරයේ තිබූ ඊශ්‍රායල් ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඇයට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
10
+1
3
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?