AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර මිලියන 6ක් හෙට (31) දිවයිනට

බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් හෙට (31) ඉන්දියාවේ සිට මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ එම බිත්තර තොගය ලබන බ්‍රහස්පතින්දා වන විට දිවයිනේ සියලුම සතොස අලෙවිසැල්වලට බෙදා හැරීමට නියමිත බවයි.

උත්සව සමයේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ අනුව අවස්ථා දෙකක්දී ඉන්දීයාවෙන් බිත්තර ආනයනය කෙරුණු අතර තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවකුයි හෙට දිවයිනට පැමිණෙන්නේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ලබන වසර අවසන් වන විට බිත්තර සහ කුකුළු මස් මිලෙහි අඩුවක් අපේක්ෂා කරන බවයි.

මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?